නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති සටනට

138

නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයක් ආරම්භ කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින්ද අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක මහතා පවසයි.

වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරයි.

රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment