පාසල් ඇරඹීම අදියර 4 කින්; පළමුව 1-5 ශ්‍රේණි පාසල් 3884 ක් විවෘත වෙයි

221

කොවිඞ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීම අදියර 04 යටතේ සිදුකිරීමටත් එහිදී ප‍්‍රථමයෙන් 01 සිට 05 ශ්‍රේණි දක්වා පංති ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

පාසල් යළි විවෘත කළ යුතු ක‍්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඞ් නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය” සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර එම කමිටුව විසින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත් දීම අවශ්‍ය නොවන බැවින් වත්මන් කොවිඞ් පාලනය වූ පසුව පාසල් යළි විවෘත කිරීමේදී 01 සිට 05 ශ්‍රේණිවල පාසල් 3884ක් මුල් අදියර යටතේ පටන් ගැනේ. තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 ත් සහ 16-19 අතර වයස් කාණ්ඩවල ළමුන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව එන්නත්කරණය කරන බව මහාචාර්ය පෙරේරා මහතා කීවේය.

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පළාත්” දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් ලද උපදෙස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡුාවේදී ලේකම්වරයා අදහස් දැක්වීය. සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප‍්‍රතිඵල පෙරේදා (23 දා* නිකුත් කෙරිණි‘ කොවිඞ් උවදුර සමනය වී පාසල් නැවත විවෘත කළ පසු ප‍්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment