විදුලි යතුරු පැදි සහ පා පැදි ආනයනයට අවසර

403


විදුලි යතුරු පැදි සහ විදුලි පා පැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව ඉකුත් 24 වැනිදා සිට විදුලි යතුරු පැදි සහ පා පැදි ගෙන්වීමට අවසර හිමිවේ.

විදුලි යතුරු පැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක මුදලකුත් විදුලි පා පැදියක් සඳහා රුපියල් 1000 කුත් ලෙසින් බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි.

එසේම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වන වාහන, කළු ගත් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක් කොන්දේසිවලට යටත්ව ආනයනය කිරීමටද එම ගැසට් නිවේදනයට අනුව අවස්ථාව හිමි වී ඇත.

එසේ ආනයනයන් සිදු කළ හැක්කේ ආයෝජන මණ්ඩලය යටතට නොගැනෙන නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන වා්‍යාපෘති සහ රජයේ ව්‍යාපාති සඳහා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment