පාසල් ප්‍රාග්ධන වෙළෙඳ පොළ 100 ඉහළ දස්කම් දක්වන සිසුන්ට සිංගප්පූරු සංචාරයක් – ජනාධිපති නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීි කියයි

138

රට පුරා ස්ථාපිත කෙරෙන පළමු ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ 100 අතුරින් ඉහළට දක්‍ෂතා දක්වන සමාජයට අයත් පාසලට ත්‍යාග පිරිනමන බවත්, එම සමාජයේ සිසුන් දස දෙනකුට හා ඔවුන්ගේ ගුරුවරුන්ට සිංගප්පූරුවට ගොස් එරට කොටස් වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පළමු ප්‍රාග්ධන වෙළෙඳ පොළ සමාජ 100 සඳහා තෝරාගත් පාසල්වලට අමතරව මෙම වසර තුළදීම දිවයින පුරා තවත් පාසල් 200 ක් 300 ක් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ වඩසටහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවද ජනාධිපතිවරයා කීවේය.

මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (31දා) පැවැති ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිනතිවරයා මෙසේද කීවේය.

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බංකුවේද පූර්ණ සහාය ඇතිව වාර්ෂිකව මහ බැංකු වාර්තා පාසල් වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment