බම්බලපිටිය සිරි වජිරාරාමයේ දුරුතු පෝදා පිංකම්

100

බම්බලපිටිය සිරි වජිරාරාමයේ දුරුතු පොහෝදා පිංකම් 6 වැනිදා දවස පුරා පැවැත්වේ ඊට සමගාමීව පහත සඳහන් පිංකම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙ.ව. 06.00 – 07.15 – සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 – ධර්මානුශාසනාව – ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැලණියේ සාසනවංශ හිමිපාණෝ, පෙ.ව. 09.00 – 10.00 – ධර්මානුශාසනාව – මහනාම විදුහලේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාරවාසී පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමිපාණෝ, පෙ.ව. 10.00 – 11.15 – භාවනාව, අනුශාසනාව හා සම්බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී පූජ්‍ය රාජාංගනේ සීලවිමල හිමිපාණෝ, ප.ව. 12.30 – 01.15 – සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂක පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 01.15 – 02.30 – ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 03.00 – 04.00 – භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව. 04.00 – 05.00 – ධර්මානුශාසනාව – කුඹුක සිරි වජිරඤාණ ධර්ම නිකේතන විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමිපාණෝ, ප.ව. 05.00 – 06.00 – ධර්මානුශාසනාව – මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ උප ප්‍රධානාචාර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය වේරදූවේ මහින්ද හිමිපාණෝ, ප.ව. 06.00 – 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා සිදු කිරීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment