නත්තල් කලාප නතර කර දුප්පතුන්ට උදව් වෙන්න

102

මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියි.

රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මුදලක් මෙසේ වියදම් කිරීම සුබවාදී නොවන බවද කාදිනල් තුමා සඳහන් කරයි.

එසේ වැය කරන මුදල් පාසල් දරු දැරියන්ගේ පොත්පත්, පාසල් උපකරණ, සපත්තු, බෑග් වෙනුවෙන් ලබාදී සැබෑ නත්තල සැමරීම සඳහා කවුරුත් සිතා බැලිය යුතුව තිබෙන බවද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment