අවුරුදු හැටට වැඩි බෝනොවන රෝග වැළඳුණු අය කෙරෙහි විශේෂ අවධානය දෙන්න… ජනාධිපති සෞඛ්‍ය බලධාරීන්ට කියයි

253

වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.

 ගතවූ දින කිහිපය තුළ සිදුව ඇති මරණ පිළිබඳ කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙක් බස්නාහිර පළාතට අයත් වෙති. මේ පිරිසෙන් ඉහළ ප‍්‍රතිශතයක් වයස අවුරුදු 60 ට වැඩි, එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60 ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමුකර විශේෂ වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොවිඞ් මර්දන විශේෂ කමිටුව සම`ග ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 පී සී ආර් සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමේදී 60 ට වැඩි සහ විවිධ ලෙඩ රෝගවලින් පෙළෙන අයට ප‍්‍රමුඛතාව දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක්කර ඇති රෝගීන් හුදෙකලා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිකාර ගැනීමට රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති රෝගින්ගේ විස්තර ගෙන සෞඛ්‍ය වෛi නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කිරීමේ අවශ්‍යතාව සාකච්ඡුාවට ලක් කෙරිණි.

 බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි එහෙත් විවිධ රෝග හේතුවෙන් මෙතෙක් එන්නත ගැනීමට නොපැමිණි පිරිස හඳුනාගෙන තිබේ. ඔවුන් සියලූ දෙනාට ඉදිරි දින කිහිපය තුළ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 එක් එන්නතක් ලබා තිබීම, රෝගයෙන් ආරක්‍ෂා වීමට ප‍්‍රමාණවත් නොවේ. එම නිසා එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ප‍්‍රතිශක්තීකරණ වර්ධන කාලසීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක‍්‍රියා කළ යුතු බව කොවිඞ් කමිටුවේ සාමාජික විශේෂඥ වෛiවරු පෙන්වා දුන්හ.

 ජනතාව ඒකරාශීවීම වළක්වා ගැනීම, විශේෂ අවශ්‍යතාවක් සහ රාජකාරි සඳහා කැඳවා නැති සියලූ දෙනා නිවෙස්වල රැුඳී සිටීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රෝගය පැතිර යෑම වැළැක්වීමට සහාය වීම ජනතාවගේ යුතුකම හා වගකීම බව වෛiවරු අවධාරණය කළහ.

 අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන ඇතුළු කොවිඞ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment