අද උදේ කත්මණ්ඩු යන ශ්‍රී ලංකන් යානය තවම කටුනායක

648


නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත්ව සිටිති .

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසි ජයකොඩි මහතා ද වේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරණ මෙම ගුවන් යානය අද උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ගුවන් මගීන් 200 කට අධික පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබේ . එහෙත් ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගොස් තිබූණි. ඒ වනතෙක් එම ගුවන් මගීන් ද ගුවන් යානය තුළ රැදී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment