මල්වතු හිමි නමින් වංචා කළ අයෙක්

417


මල්වතු මහනාහිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබා දෙමින් පිටරට රැකියාවලට යවන බව පවසා දිවයින පුරා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයෙකු මෙම මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම මහතා නියෝග කළේය. නුවරඑළිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉකුත් 28 වැනිදා දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 වයසැති සිරිමල් ප්‍රියන්ත යන අයයි.
සැකකරු නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල් එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් (රු.1,37000.00) ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

advertistmentadvertistment
advertistmentadvertistment