අවුරුදු 14 ක පාසල් සිසුවිය සමග දින 20 ක් පවුල් කෑ තරුණයා රිමාන්ඩ් භාරයට

1010

අවුරුදු 14 ක බාල වයස්කාර පාසල් සිසුවියක් සමග දින විස්සකට ආසන්න කාලයක් පවුල් කෑ 25 හැවිරිදි සැකකරුව රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

මිනුවන්ගොඩ පදිංචි තරුණ සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවූ අධිකරණය එම දැරිය මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. සුපිරි වෙළෙඳ සලක් අසලදී දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී ඇතැයි පොලිසිය කීය. සැකකරු දැරියව මදුරන්කුලිය ප්‍රදේශයේ ඥාති නිවසක දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන තබාගෙන ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. සැකකරුට තවත් ප්‍රේමවන්තියක් සිටින බවත් ඇය සහ මෙම දැරිය අතර සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබූ බවත් අධිකරණයේදී සඳහන් විය. සැකකරුගේ එම ප්‍රේමවන්තිය කළ උපක්‍රමයක් මඟින් දැරිය හොර රහසේ මව්පියන් සොයා පැමිණ ඇත. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සාලිය පතිරාජසුරිය, කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්.කේ. රමනි යන නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පො.ප. අබේරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment