පකිස්ථානයේ පළාත් පාලන ආයතන රැසක් බංකොලොත්

152

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ බොහෝ පළාත් පාලන ආයතන බංකොලොත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තත්වය නිසා තහසිල් නාගරික පරිපාලනය දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇතැයිද සදහන් කරයි. එම ආයතන වල සේවකයින්ට මාස ගණනකින් වැටුප් ගෙවා නැත. එසේම හිටපු සේවකයින්ට හිමි විශ්‍රාම වැටුප් ද ගෙවීමට නොහැකි වී ඇත.මෙම ගැටළු නිසා නගර සභා සේවකයින්ට සිය රාජකාරි පවා අහිමි වී තිබේ.ඔවුනට හිමි විවිධ දීමනාවන් ද ලැබී නැත. පළාත් මට්ටමින් ප්‍රාදේශීය සභා මණ්ඩල පිහිටුවීමෙන් බලාපොරොත්තු වී තිබුණේ පළාත් පාලන ආයතන වල සේවකයින්ගේ සුභ සාධනය ක්‍රියාත්මක කිරීමට.නමුත් එය ඉටුවී නැතැයි ද වාර්තාවේ. මේ අතර තහසිල් නාගරික පරිපාලන නිලධාරීන්ගේ වියදම් ද ඉහළ යමින් පවතින බව වාර්තා වේ.නිලධාරීන් සුඛෝපභෝගී මෝටර් රථ මෙන්ම මසකට පෙට්‍රල් ලීටර් සිය ගණනක් භාවිතා කරන බවත් විශාල නිල නිවාස වල ජීවත්වන බවත් චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් පළාත් පාලන සේවක සම්මේලනයේ ප්‍රධාන අනුශාසක ෂවුකට් කයානි, සභාපතිවරුන් වන ෂවුකට් අලි අන්ජුම් හා හාජි අන්වර් කමල් ඛාන් යන අය පැවසුවේ පළාත පුරා සිටින තහසිල් නාගරික පරිපාලන නිලධාරීන්ගේ වියදම් සීමා කළ යුතු බවය. එසේම පළාත් පාලන ආයතන වල මූල්‍ය අර්බුදය විසදිය යුතු බවය. පළාත් පාලන ආයතන වල සේවකයින් සහ හිටපු සේවකයින්ට රැසක් මාස ගණනාවක සිට වැටුප් හා විශ්‍රාම වැටුප් බලාපොරොත්තුවෙන් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment