පාස්කු ප්‍රහාරයට එරෙහි පා ගමන කොළඹට එයි

231

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා මේ වනවිට පාගමනක් ආරම්භ කර තිබේ.මෙම පා ගමන ඊයේ සවස ආරම්භ විය. අද පෙරවරු 8.00ට මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස මහජනතාව අත්වැල් බැඳගෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජනපවුර වැඩසටහනක් ද පැවැත්වෙන බව කොළඹ අගරදගුරු මැදුර පවසයි. පෙරවරු 10.00ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක් ද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment