පැය 24 ක් ඇතුළත අත්තනගල්ල කොල්ලය අල්ලයි: අත්තනගල්ල පොලිසියෙන් පොලිෂ් වැඩක්

558

සැලසුම කළේ පවුලේම ඥාතියෙක්

අත්තනගල්ල, හුනුපොල ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ සැලසුම් ව්‍යර්ථ වූ පසු එම ව්‍යාපාරිකයාගේ කැබ් රථයත් එහි තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක මුදලකුත් කොල්ලකාගෙන පලාගිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පැය විසිහතරක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට අත්තනගල්ල පොලිසිය සමත් වී තිබේ.

මෙම මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු සිටින බවත් එක් සැකකරුවකු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එම්. වයි. නාලක මහතා ‘‘දිවයින’’ට පැවසීය.

පැය 24 ක් ඇතුළත අත්තනගල්ල කොල්ලය අල්ලයි: අත්තනගල්ල පොලිසියෙන් පොලිෂ් වැඩක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ළ`ග තිබු කොල්ලකෑ මුදලින් රුපියල් දහසය ලක්‍ෂ දසදහසක මුදලක් පොලිසිය මගින් සොයාගෙන ඇත. මංකොල්ලකෑමට භාවිතා කළ බ‍්‍රවුනින් වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා සෙල්ලම් තුවක්කුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. ප‍්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරු අම්පාර ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබළකු යැයි ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසල සැ`ගව සිට ඔහු පැහැරගෙන යෑමට සැලසුම් කර ඇතැය ිද එම ව්‍යාපාරිකයා අවිගත් මංකොල්ලකරුවන් සමග පොරබැදීමෙන් පසු ඔහු අතහැර දමා කැබ් රථය හා මුදල් තොගය පැහැරගෙන ගිය බව සැකකරුවන් පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කර ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගෙන සිටින තිදෙනා අතර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාති පුත‍්‍රයකු සිටින බව ද පොලිසිය පවසයි. මෙම අපරාධය සැලසුම් කරන්නට ඇත්තේ එම ඥාති පුත‍්‍රයා විසින් වන්නට ඇතැයි පොලිසියට සැක පහල වී ඇත. මංකොල්ලයට පැමිණි කුඩා වෑන් රථය ද එදිනම අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා තිහාරිය, මල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහ, තිස් දෙක පමණ වන අය බවත් එක් අයකු තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයකු බවත් හෙළි වී තිබේ. ඔවුන් ඊයේ (31 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා, අත්තනග්ල සහකාර පොලිස් අධිකාරි එස්. කේ. උපාලි, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එම්. වයි නාලක, සැරයන් සෙනෙවිරත්න (55466), ධනපාල (54460), අජංන (13092), ලසන්ත (35084), වීරසූරිය (61971), කොස්තාපල්වරු වන වීරතුංග (81544), ලක්මාල් (37801), ජයකොඩි (77076) සේනානායක (25362) ඇතුළු පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ශිරාන් රණසිංහ, කල්එළිය-චන්ද්‍රවීර වික‍්‍රමරත්න,ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment