පුංචි ඡන්දයට බාධා එල්ලවේ

207

පලාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොමිසමට ලැබී තිබේ.දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව එම කොමිසම සඳහන් කළේය.දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අතර ඊයේ (11) පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment