නව සන්ධානයේ දෙවැනි පියවර කොළඹට

291

‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න මේ මස 24 වැනිදා කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30ට පැවැත්වෙයි.

නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න, සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් මෙම රැලියට සහභාගිවීමට නියමිතව ඇත. මෙහිදී නැගෙනහිර හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකු නව සන්ධාන වේදිකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment