ජෝන් කීල්ස් පදනම 2022 ලෝක පරිසර දිනය වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායමක් සමඟ එක්වී සුදුවැලිපොත වන සංරක්‍ෂණ මෙහෙවරක

235

ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන, සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්‍ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ලෝක පරිසර දිනය නිමින්තෙන්, ‘Cinnamon Nature Trails’ හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ ස්වෙච්ඡා දායකත්වයෙන් මෙය සිදුකරන ලදී.

ස්වෙච්ඡා කණ්ඩායමේ ප්‍රධානතම කාර්යය වූයේ මිනිස් දම්වැලක් සෑදී, පැළ 580 ක් පමණ පැළ තවාන්වල සිට කඳු මුදුනට රැගෙන යෑමය. ගමන් කළ යුතුවූ දුර සහ උස අනුව මෙය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවීය.

“මෙය ඉතාමත් වෙහෙසකර කටයුත්තක් වුවත්, ඒ ඔස්සේ අප ලබාගත් අත්දැකීම ඉතාමත් වටිනවා. පැළ රැගෙන යෑමේදී වරින් වර වැසි ඇද හැළුණත්, අරමුණ වෙනුවෙන් කැපවෙමින් නොසැලී අපේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අපට හැකිවුණා.” ස්වෙච්ඡා කණ්ඩායමට එක්වූ ජනිත් පෙරේරා මහතා පැවැසීය.

‘පරිසරය’ යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමුවී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් වෙළෙඳ පොළේ විශාලතම ලැයිස්තුගම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබාදෙන අතර වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment