මල්ලාකම් අධිකරණයේ ගංජා නඩුබඩු වාෂ්ප වේ

129


යාපනයේ මල්ලාකම් අධිකරණයේ නඩුබඩු ගබඩාවේ තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රැම් පනහක් අඩංගු මලු හතරක් අතුරුදහන් වී ඇති බවට යාපනය තෙලිප්පලෙයි පොලීසියට ඊයේ (12 දා) පැමිණිලි කොට තිබේ.
මල්ලාකම් අධිකරණයේ නඩුබඩු බාරව කටයුතු කරණ නිලධාරියා විසින් සිදු කොට ඇති පැමිණිල්ලේ සදහන් කොට ඇත්තේ යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ නඩුව මල්ලාකම් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින බවය.
නඩුවේ ප්‍රධාන හා එකම සාක්කිය වී ඇත්තේද මේ කේරළ ගංජා කිලෝ ග්‍රැම් පනහක ප්‍රමාණය බව අධිකරණ නිලධාරියා විසින් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment