Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපොළට හඳුන්වා දෙයි

44

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නා (Solar Provider) වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙයි. පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරයි.

දශකයකට වඩා දිගු කාලයක වෙළෙඳපොළ අත්දැකීම් මෙන්ම දිවයින පුරා මෙගාවොට් 150කට අධික සූර්ය බලශක්ති පද්ධති සාර්ථකව ස්ථාපනය කිරීමේ වාර්තාගත අත්දැකීම් සහිත Hayleys Solar යනු Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශයයි. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම ජල පොම්ප 0.5HP සිට 2HP දක්වා ධාරිතාවකින් යුක්තයි. එමඟින් දිනකට ලීටර් 25,000ක් දක්වා ජල පරිමාවක් පොම්ප කර ගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment