මව් සමාගම ඇමෙරිකාවේ ඇති සුපිරි අවන් හල් 12ක් අත්හිටුවන්න උසාවි නියෝගයක්

5239

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ සමාගමක වෙළෙඳ නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

පිසූ ආහාර අලෙවිය සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියක් දිනාගත් සිය අවන්හල් ජාලයේ වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එකී අඩුපාඩුකම් අවම කර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment