පොලිසියට ලෝ දැමූ නීතිඥවරියට වැඩවරදී

20197

මුව ආවරණ නොමැතිව තලංගම, කොස්වත්ත හන්දියේ මහමග ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක නීතිඥවරියක් හට උපදෙස් ලබාදීමට ගිය රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලිසියේ පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකරමින් පරුෂ වචනයෙන් බැණවදිමින් පහරදීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (15 දා) පැවැසීය.

පොලිසියට ලෝ දැමූ නීතිඥවරියට වැඩවරදී

එම නීතිඥවරිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප්රථයට නැංවීමට යෑමේදී පොලිස් නිලධාරිනියන්ට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී තිබේ.

පසුව ඇය තලංගම පොලිස් ස්ථානයට රැුගෙනවිත් මුව ආවරණ පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳව ඇයට පැයක කාලයක් තිස්සේ පැහැදිලි කරදීමට කොතෙකුත් උත්සාහ ගත්තත් ඇය එය පිළිගැනීමට කාරුණික නොවූ බවද එම නිලධාරියා කීය.

ඇයට ලබන අඟහරුවාදා (17 දා) කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පසුව පොලිස් ඇපමත මුදාහැරී බවද හෙතෙම කියා සිටියේය.

41 හැවිරිදි නීතිඥවරිය මාතර පදිංචිකාරියක බවත්, ඇය තාවකාලිකව කිරුළපන නවාතැන් පළක නැවතී සිට ඇති බවත් එම නිලධාරියා කීය.

මැය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තියක බවට සැකකරන බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment