විදුලි සහ පොහොර මිල අඩු කරන ලෙස ඉල්ලා පකිස්ථාන ගොවීහු විරෝධතාවක

100

විදුලි ගාස්තුව අඩු කරන ලෙස සහ යූරියා පොහොර මිල අඩුකරන ලෙස ඉල්ලා පකිස්ථාන ගොවීහු ඉස්ලාමාබාද් නගරය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.මෙම විරෝධතාවය සදහා පන්ජාබයේ ගොවි සංවිධානයේ ගොවීහු 25,000ක් පමණ එක්ව සිටිති. තම ඉල්ලීම ඉටු නොකළ හොත් රට පුරා ගොවීන් වැඩ වර්ජනයකට සූදානම් කරන බවද පන්ජාබ් ගොවි සංවිධානය රජයට අනතුරු අඟවයි.ගොවි වෘත්තීය සමිති නායකයෙක් වන කිසාන් ඉට්ටිහාඩ් පවසන්නේ සිය ඉල්ලීම් ඉටු නොකළ හොත් ගොවීන් පාර්ලිමේන්තුව අසලට පැමිණි දිවි නසාගැනීමට සූදානම් වන බවය.නළ ජලය සදහා විදුලි ගාස්තු ලෙස ඒකකයකට රුපියල් 5.3ක් ද ඊට ඇතුළත් කර ඇති සියලුම බදු ඉවත් කරන ලෙසද ගොවි සංවිධාන ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment