දෙහිවල රිය අනතුර මනුෂ්‍ය ඝාතනයක් බව හෙළිවේ

5638


දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදුවූ රිය අනතුරේදී දී මෝටර් රථකරු යතුරු පැදිකරුව හිතාමතා අනතුරට ලක්කර ඇතැයි සිදුකළ මූලික විමර්ශන වලදී හෙළිවී ඇත.ඒ අනුව මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි වියේ පසුවන සැකකරු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 9.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මියගිය තැනැත්තා කටුබැද්දල මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment