තමන්ට ලැබුණු ත්‍යාගයෙන්  අසල්වැසියන්ගේ  පිපාසය නිවූ මිනිසෙක්

700

ආත්මාර්ථකාමී ලෙසින් සියල්ල බදාගැනීමට කැමති ලෝකයේ, තමන්ට ලැබුණු වටිනාම දේ බෙදා ගැනීමට කැමති උතුම් මිනිසුන් අල්පය. කමල් රාජ්ද එවැනි සුවිශේෂී මිනිසෙකි.

 ඔහු නිවිතිගල බ්රැන්ඩික්ස් එසෙන්ෂල් ආයතනයේ මැහුම් ශිල්පියෙකි. ගම දලුග්ගල නමැති දුෂ්කර පෙදෙසයි. පිරිසිඳු පානීය ජලය සොයා ගැනීම කමල් රාජ් මෙන්ම ඔහුගේ අසල්වැසියන්ට තිබූ බරපතළම ගැටලුව විය. ජල ව්‍යාපෘති ලබා ගැනීමට මේ සියලු දෙනා එක්වී වෙහෙස දැරුවද එහි ඵලක් නොවීය. පානීය ජලය ලබා ගැනීමට සිදුවුණේ මුදලටය. මේ ජල අගහිඟකම් මධ්‍යයේ කමල් රාජ්ට අදහසක් පහළ විය. ඒ තම සේවා ස්ථානයේ සිය සාමාජිකයන්ගේ ජල ගැටලු විසඳීම වෙනුවෙන් සිදුකරනු ලබන ‘දියවර’ නමැති ව්‍යාපෘතියට තමන්ගේ දුක කීමටය. ඒ දුක හඳුනාගත් ආයතනය ඔහු වෙනුවෙන් ජල ව්‍යාපෘතියක් අනුමත කළේය. තමන් පමණක් නොව, තම අසල්වැසියන්ද වතුර වෙනුවෙන් විඳි දුක ඔහුට සිහිපත් විය. මෙය තමන්ගේ තනි පරිහරණය පිණිස නොව අසල්වැසියන්ගේද පරිහරණය පිණිස යෙදවිය හැකි පොදු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය නිමවා කමල් රාජ් වෙත භාරදුනි.

advertistmentadvertistment
advertistmentadvertistment