කොරියාවේ ශ්‍රී ලංකාරාමයට වැඩම කරවන කඨින චීවරය ගංගාරාමයට….

67

උපන් බිමෙන් දුරස්ව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් ඔවුන්ගේ ඥාතීන්ටත් එකම පිංකමකට දායක වීමට සම්පත් බැංකුව මග සලසා දී ඇත. එහිදී දකුණු කොරියාවේ තේගු නගරයේ ශ්‍රී ලංකාරාමයට වඩමවනු ලබන කඨින චීවරය ශ්‍රී ලාංකික බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කළ අවස්ථාව මෙහි දැක්වේ. මෙම අවස්ථාවට ගංගාරාමාධිකාරී කිරින්දේ අස්සජි හිමිපාණන් හා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවල පෙරේරා මහත්මිය ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීහු පිරිසක් එක්වූහ.

ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment