ගුවහාටි පිටියේ මැක්ස්වෙල්ගෙන් වික්‍රමයක්

382

හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 48 කදී නොදැවී ලකුණු 104 ක් ලබා ගත් ග්ලේන් මැක්ස්වෙල්ගේ සුපිරි ශතකය හමුවේ ඉන්දියාව සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වූයේය.

ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් පන්දුවාර දෙකට ලකුණු 43 ක් ද, අවසන් පන්දුවාරයට ලකුණු 21 ක් ද අවශ්‍ය වූ අතර තරගයේ අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරමින් මැක්ස්වෙල් එම ඉලක්කය පසු කර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඉන්දියාවේ ගුවහාටි හි දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3 ක් දැවී නියමිත පන්දු වාර 20 තුළදී ලකුණු 222 ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් පන්දු 57 කදී නොදැවී ලකුණු 123 ක් ලබා ගත්තේය.

ඔස්ටේ්‍රලියාව ද නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 225 ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කරගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලියේ ඔස්ටේ්‍රලියාව ජය ගත් පළමු තරගය එය වූ අතර මේ වනවිට තරග 2-1 ක් ලෙස ඉන්දියාව තරගාවලියේ පෙරමුණේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment