ගයන්තිකා සහ අරුණ ජපානයේ දී දස්කම් පෙන්වති

230

ජපානයේ ෂිශෝකා හි පැවැත්වෙන 38 වන ෂිශෝකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශුරතාවලිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 ඉසව්වේ පළමු ස්ථානය ද අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්වෙන් දෙවන ස්ථානය ද දිනා ගැනීමට සමත් වූහ.

මෙම තරගාවලිය කාණ්ඩ 3 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ කොට පවත්වන ලද තරගාවලියක් වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන ගයන්තිකා අබේරත්න සහ අරුණ දර්ශන ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කළහ.

ගයන්තිකා සිය ඉසව්ව මි.2:04.35 කින් නිම කොට පළමු ස්ථානය දිනා ගත් අතර අරුණ දර්ශන මීටර් 400 ඉසව්ව තත්පර 45.59 කින් නිම කරමින් සිය හොඳම තරග නිමි කාලය වාර්තා කළේය.

අරුණ මීටර් 400 ඉසව්ව වෙනුවෙන් හොඳම කාලය ලෙස මීට පෙර වාර්තා කර තිබුණේ තත්පර 45.78 කි. ඔහු එම දක්ෂතාවය 2018 දී වාර්තා කරන්නට සමත් විය.

ගයන්තිකා මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වන අතර මීටර් 800 සඳහා ඇය වාර්තා කළ හොඳම කාලය වන්නේ ජාතික වාර්තාව වන 2:01.2 කාලයයි. ඉකුත් වසරේ මැන්චෙස්ටර් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ගයන්තිකා එම දස්කම් දක්වා තිබුණ.

අදාළ තරගාවලිය යටතේ නිලානි රත්නායක සහ සාරංගි සිල්වා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියේ දී තරග වැදීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment