මුදල් කාරක සභා සභාපති පත් කිරීම 4 වැනි වරටත් කල් යයි

86

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සභාපතිවරයකු තෝරා ගැනීමේ රැස්වීම හතර වැනි වරටත් ඊයේ (03 දා) කල් ගොස් ඇත.

එම සභාපති තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද ඊයේ දින ද එම සාකච්ඡාව වෙනත් දිනක පැවැත්වෙන බවට දැන්වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට කීය.

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දිය යුතු බවත් එය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා නොදීම සඳහා ආණ්ඩුව හිතාමතාම මෙලෙස එම සාකච්ඡා කල් දමන බවටත් හෙතෙම චෝදනා කළේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment