බිරිඳගේ කොවිඩ් රාජකාරිවල උදව්වට ගිය සැමියා ඇදවැටී මියයයි

387

මල්වානේ කලූ‍කොඳයාව පුදේශයේ කොවීඩි සහන රාජකාරි කටයුතු සදහා සහාය වෙමින් සිටි එහි සංවර්ධන නිලධාරීණියගේ සැමියා ඊයේ ( 24 ) පස්වරුවේ දොම්පේ ඉන්ධන පිරවුම් හල අසල දී හදිසියේම ඇඳ වැටී මිය ගොස් තිබේ.

මොහු එම රාජකාරී කටයුතු වලට සහාය වෙමින් සිටියදී සිය ති‍්‍රරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙසේ ඇඳ වැටී මිය ගොස් ඇත.
එසේ මිය ගියේ දෙකටන , ගැටහැත්ත පුදේශයේ පදිංචිව සිටි විශ‍්‍රාමික යුද හමුදා නිලධාරීයෙකු වන ඞී.ජගත් කුමාර චන්ද්‍රසිරි නමැති 49 හැවිරිදි එක් දරු පියෙකි.

මොහු කලූ‍කොඳයාව – බටහිර සංවර්ධන නිලධාරීණි තමරා දිල්මිනි මහත්මියගේ සැමියා වන අතර ඇය සමග රාජකාරී කටයුතු වලට සහාය වෙමින් සිට ඇත. මේ පිළිබඳව මරණ පරීක්ෂණය දොම්පේ හදිසි මරණ පරික්ෂක ජගත් ශ‍්‍රී ලාල් මහතා විසින් දොම්පේ රජයේ රෝහලේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරික්ෂණය වතුපිටිවල රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා විසින් පවත්වා මෙය හෘදයාබාධයකින් සිදු වු මරණයක් බවට වාර්තා කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment