නන්දසේනගේ අසුන වීරසේනට

61

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් තරග කොට එම පක්ෂයේ මනාප ඡන්ද ලැයිස්තුවේ අටවැනි ස්ථානය හිමිකර ගෙන සිටි උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ එම්. වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතව ඇත.

1991 වර්ෂයේ කැකිරාව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ ඒ මහතා 1993 වර්ෂයේදී උතුරුමැද පළාත් සභාවට තරග කළ ද එම අවස්ථාවේ මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නිසා පළාත් සභාවට තේරී පත් නොවීය.

මේ අතර 1994 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේදී උතුරුමැද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමග පුරප්පාඩු වූ උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රී ධුරයකට ගමගේ වීරසේන මහතා පත් කෙරිණි.

අනතුරුව එහි සභාපතිවරයා ලෙසත් ඇමැතිවරයකු ලෙසත් කටයුතු කර ඇති අවස්ථා කීපයකදී වැඩබලන ප්‍රධාන ඇමැතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ඉන්පසු 2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ ඒ මහතා මනාප ඡන්ද 38242 ක් ලබා ගනිමින් මනාප ඡන්ද ලැයිස්තුවේ අට වෙනි ස්ථානයට පත්විය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment