ශූරයන් සහ අනුශූරයන් ගැටුමෙන් ලෝක කුසලාන සටන අද ඇරඹේ

333

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තය අනුශූර නවසීලන්තය සමග අද තරග වදිනු ඇත.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා (07 වැනිදා) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වේ.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී සහ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහ තරගය ද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිය.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි 12 න් 5 කදීම ශූරතාව දිනා ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්ව ඇත.

ශ්‍රී ලංකාව 1996 වසරේ දී ලෝක ශූරයන් බවට පත් විය.

සත්කාරක ඉන්දියාවට අමතරව ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය තරගාවලියට එක්වන රටවල් වේ.

තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් වරක් බැගින් තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment