තෙලිජ්ජවිල මැදි විදුහලේ තෙමහල් ගොඩනැඟිල්ලක් මතට පස් කන්දක් කඩා වැටිලා

57

පාසල් වේලාවේදී සිදුවූයේ නම් බරපතළ විනාශයක්

මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ල පසුපස ඇති දැවැන්ත පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ගොඩනැඟිල්ලේ පහත මාලයේ පන්ති කාමර තුනක් ඊයේ (04 දා) අලුයම සම්පූර්ණයෙන්ම වාගේ පස්වලින් වැසිණි. පන්ති කාමරය තුළ තිබූ ඩෙස්පුටු ඇතුළු බඩුභාණ්ඩ සියල්ලම පස්වලින් යටවී විනාශයට පත්ව ඇත.

මෙම සිදුවීම පාසල් වේලාව තුළ සිදුවූයේ නම් බරපතළ විනාශයක් සිදුවීමට ඉඩ තිබුණි. මේ පිළිබඳව 2020 සැප්තැම්බර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය (රේඛීය) දිස්ත්‍රික් ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු සියලු අදාළ ආයතන දැනුවත් කර තිබුණත් මේ පිළිබඳව නිසි අවධානයක් යොමුවී නැත. මෙවැනි තත්ත්වයක් විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ සහ පිරිමි නේවාසිකාගාරයේද ඇති බව තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජයන්ත මීගොඩ මහතා පැවසීය.
වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment