සිරබත් කන රසායන විද්‍යාඥයාට නිදහස් දා නිදහස දෙන්න

1593

විදෙස්ගත වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ ඉල්ලති

දැනට බන්ධනාගාරගත කර සිටින ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික රසායන විද්‍යාඥයකු වන ජේ. එම්. පී. ජයමහ මහතාට එළැඹෙන 75 වැනි නිදහස් සමරු දිනයේදී (පෙබරවාරි 04දා) නිදහස ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව විදේශීය රටවල් කිහිපයක පදිංචි වෛද්‍ය විද්‍යා පර්යේෂණ විශේෂඥයෝ පවසති.

බටහිර ඖෂධ ගණනාවක් ලොවට දායාද කරමින් වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රයට අමිල සේවයක් කළ විද්‍යාඥ ජයමහ මහතා පිළිබඳ ශ්‍රී ලංකා රජයට කරුණු පෙන්වා දෙන ලෙස සඳහන් කරමින් ඔස්‌ට්‍රේලියාව, ඇමරිකාව සහ කැනඩාව යන රටවල සිටින මෙරට දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට ද එම විද්වතුන් කටයුතු කර ඇත.

ජයමහ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විදෙස්ගත සියලුම වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් හා සෙසු ලාංකික විද්වත් ප්‍රජාව දැඩි අවධානයෙන් බලා සිටින බවද එම ලිපිය මගින් ඔවුන් එම දූත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ජයමහ මහතා වෙනුවෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මේ වන විට ඩොලර් මිලියන දෙකක අරමුදලක් ආරම්භ කිරීමට ද ඔවුන් කටයුතු කර ඇති අතර පෙබරවාරි 04 වැනිදා ඔහුට නිදහස දීමට ශ්‍රී ලංකාව කාරුණික වුවහොත් එම මුදල ඍජුවම ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කිරීමට සියලු දෙනා තීරණය කළ බව ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර වාසය කරන වෛද්‍ය විද්‍යා පර්යේෂණ විශේෂඥයකු වූ අසේල ශමීන්ද්‍ර මහතා පැවසීය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment