සුනඛයෙකුට ගිනි තබා මැරූ අයෙක් අත්අඩංගුවට

256

ගම්පහ , ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු යක්කල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගිනි තබා මරා දමන ලද සුනඛයාගේ හාම්පුතා කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය කරන ලද විමර්ශනයේදී අනාවරණයවූ කරුණු මත සුනඛයාට ගිනි තැබීමට හේතුව, අසල්වැසි නිවසේ ඇති කරනු ලබන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බැල්ලිය ඇසුරු කිරීම සඳහා සාමාන්‍ය සුනඛයා නිතර පැමිණීම පිළිබඳව ඇතිවූ කේන්තිය හේතුවෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවද පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment