සාම සාකච්ඡා මැද ඇමෙරිකානු රජය යුක්රේනයට ඩොලර් බිලියනයක ආයුධ සපයයි

699

රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයි
තුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයි
රුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත‍්‍රි කුලේබා අතර තුර්කියේ ඇනටාලියා නගරයේදී සාම සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේ ඇමෙරිකාව ඩොලර් බිලියනයක් වටිනා අවි ආයුධ යුක්රේනයට සැපයීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

මේ හැර නේටෝ රටවල් රැසකට ද ඇමෙරිකාව අවි ආයුධ සපයා තිබේ. මේ අතර සාම සාකච්ඡා නොතකා රුසියානු හමුදාව යුක්රේනයේ මර්සුපොල් නගරයේ අනාථයන් රැඳී සිටි රැගුම්හලකට ප‍්‍රහාර එල්ල කර තිබේ. එහෙත් රුසියාව එම චෝදනාව ප‍්‍රතික්‍ෂේප කර ඇත. මෙම රැඟුම්ම්හලේ 1200කට අධික පිරිසක් නතර වී සිටි බව වාර්තා වී නැත. එම ප‍්‍රහාරයෙන් කීදෙනෙක් මරුමුවට පත් වී ඇද්දැයි මෙතෙක් හෙළි වී නැත.

සාම සාකච්ඡා මැද ඇමෙරිකානු රජය යුක්රේනයට ඩොලර්  බිලියනයක ආයුධ සපයයි

රුසියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මරියා සකරෝවා සඳහන් කළේ රැඟුම්ම්හලේ සිද්ධිය අමූලික බොරුවක් බවයි. එහෙත් යුක්රේන රැඟුම්ම්හලේ සුන්බුන් අතර අනාථයන් සිර වී සිටින බව යුක්රේනියානු නිලධාරියක් වූ ලූඞ්මිලා බෙනිසෝවා හෙළි කළාය. රැඟුම්ම්හලේ තිබූ බංකර් බෝම්බ ප‍්‍රහාරවලට ඔරොත්තු දෙන බවද වාර්තා විය. මේ පසුබිම මැද අත්අඩංගුවට ගනු ලැබූ රුසියානු ගුවන් නියමුවන් සඳහන් කළේ ජනතාව පුටින්ට එරෙහිව නැඟී සිටින බවයි. රුසියානු ගුවන් හමුදා නියමුවන් තිදෙනෙක් මේ බව බටහිර මාධ්‍ය අමතා ප‍්‍රකාශ කර තිබේ. පසුගිය පෙබරවාරි 24 වැනි දා සිට දියත් වූ යුක්රේන ආක‍්‍රමණයේදී රුසියානු සෙබළුන් 28000ක් මරුමුවට පත්ව හෝ තුවාල ලබා හෝ අත්අඩංගුවට පත් වී ඇති බව බටහිර මාධ්‍ය කියා සිටී. යුක්රේන් ආරංචි මාර්ග හෙළි කළේ රුසියානු සෙබළුන් 7000ක් මිය ගොස් 21000ක් තුවාල ලබා ඇති බවයි. මෙයට දින 22කට පෙර සිදු වූ මෙම යුක්රේන ආක‍්‍රමණයෙන් රුසියානු භටයන් 15000 ක් පමණ සහභාගී වී ඇත. යුක්රේන නගරාධිපති උපදේශකවරයකු වූ පෙට්රෝ ඇන්ට්රිෂෙන්කෝ සඳහන් කළේ 2000ක ජන සමූහයක් ද මරුමුවට පත් වී ඇති බවයි. මේ අතර යුක්රේන යුද්ධයට සහභාගී

වූ සෙබළුන් සමග දින 10ක් තිස්සේ තමන්ව ඇමතුවේ නැති බවට මවුවරු ප‍්‍රකාශ කර ඇත. එක් මවක් පැවසුවේ සිය පුත‍්‍රයා අනුයුක්ත රෙජිමේන්තුවේ ඉතිරිව ඇත්තේ දස දෙනකු බවයි.

රුසියාව විසින් දියත් කළ යුක්රේන ආක‍්‍රමණයට මේ වනවිට සති හතරක් වේ. මේ ආක‍්‍රමණය නිසා මිලියන 3කට අධික ජනතාවක් අවට රටවල්වලට පැන ගොස් තිබේ. හිටපු රුසියානු ජනපති දිමිත‍්‍රි මෙදවෙව් ඊයේ ප‍්‍රකාශයක් කරමින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීය. රුසියාව කැබලි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට ඇමෙරිකාව ක‍්‍රියා කර ඇතැයි හෙතෙම තවදුරටත් චෝදනා කළේය.

සාම සාකච්ඡා මැද ඇමෙරිකානු රජය යුක්රේනයට ඩොලර්  බිලියනයක ආයුධ සපයයි

රුසියාවට තර්ජනයක් එල්ල කිරීමට ඇමෙරිකාව විසින් රුසියාව යොදා ගෙන ඇතැයි ද හෙතෙම තවදුරටත් පළ කළේය. රුසියාව තුළ මෝටර් රථ කම්හල් ආරම්භ කර ඇති ටෝයෝටා ෆොක්ස්වැගන්, ජගුවර්, ලැන්ඞ් රෝවර්, පෝඞ් සහ බීඑම්ඩබ්ලිව් යන සමාගම තම නිෂ්පාදන නතර කර ඇත. මේ අතර යුක්රේනයේ කර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නතර කර තිබූ රුසියානු හෙළිකොප්ටර් රැසක් යුක්රේන ප‍්‍රහාරයකින් විනාශ වී තිබේ. මේ බව චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී ඇත.

මේ තත්ත්වය මැද ඇමෙරිකානු රජය බෝල්ටික් රටවලට ද ඩොලර් මිලියන 180ක හමුදා උපකරණ ලබාදීමට තීරණය කර තිබේ. එස්ටෝනියානු ආරක්‍ෂක අමාත්‍ය කැලේ ලාගට් පැවසූවේ තම රටවල ආරක්‍ෂාව සඳහා ඇමෙරිකාව එම අවි ආයුධ සපයන බවයි. මෙයට ප‍්‍රතිචාර ලෙස රුසියාව ඉතා බලගතු කලබර් සහ ඉස්කන්දර් මිසයිල භාවිත කරන බව යුක්රේනය චෝදනා කළේය.

මේ අතර රුසියානු විදේශ ඇමැති ලැව්රෝව් පැවසූවේ යුක්රේන සහ රුසියානු ජනපතිවරුන් අතර මුහුණට මුහුණ සාකච්ඡා අවශ්‍ය බවත් ඊට ජනපති පුටින් සූදානම් බවයි. තුර්කියේ පැවැති සාම සාකච්ඡාවල දී හෙතෙම මේ බව පවසා ඇත. එහෙත් එම සාම සාකච්ඡාවලදී එකඟතාවයක් ඇති වී නැත. එහෙත් යම් එකඟතාවයක් ඇති වීමට බෙලාරුසියානු මැදිහත් වීම ඔස්සේ රුසියාව සූදානම් බවද ලැව්රෝව් කියයි. මෙයට පෙර මින්ස්ක් නුවර දී පැවැති සාම සාකච්ඡා වට තුන ද අසාර්ථක විය.

එම සාම සාකච්ඡාවලට සම්බන්ධ වූ යුක්රේන දූතයෙක් යුක්රේන බුද්ධි සේවාව විසින් මරාදමනු ලැබීය. මෙම යුක්රේන ආක‍්‍රමණය සිදු වූයේ මින්ස්ක් ගිවිසුම්වල දී එකඟ වූ කරුණු ක‍්‍රියාත්මක කිරීමට යුක්රේනය බලධාරීන් අසමත්වූ නිසා යැයි ද රුසියානු මාධ්‍යයන් ද කියා සිටී.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment