බිරිඳ මියගියැයි සිත් තැවුලට පත් සැමියා ළිඳට පැනලා

232

තම ගෙවත්තේ ඇති ළිඳට පැන සියදිවි නසාගත් පුද්ගලයකුගේ සිරුරක් තලංගම පොලිසිය විසින් සොයාගෙන ඇත. ඊයේ පෙරවරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගියේ මාලබේ, ගෝනවත්ත පාර පදිංචි මුකදංගෙයි චල්මන් (88) නමැති විශ‍්‍රාමික මහ බැංකු නිලධාරියෙකි.

තලංගම හදිසි මරණ පරීක්ෂක පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්ෂණ සිදුකොට සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළාය.

මෙම තැනැත්තාගේ බිරිඳ මීට මාසයකට පමණ ඉහත මියගොස් ඇති අතර මොහු ඒ පිළිබඳව සිත් තැවුලෙන් පසුවී තිබේ. දියවැඩියා රෝගය නිසා පාදයක් අහිමිව රෝද පුටුවේ සිට ඇති බව මරණ පරීක්ෂණයේ දී ඔහුගේ දියණිය විසින් පවසා ඇත. තලංගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment