පෑන් ඒෂියා බැංකුව සිය කාර්යමණ්ඩලය බලගන්වයි

99

පෑන් ඒෂියා බැංකුව සිය කාර්යමණ්ඩලය බල ගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව පුහුණු වැඩසටහන් දියත් කරන බැංකුවක් ලෙස හඳුන්වා දිය හැකිය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SMEs) අංශය වෙත බැංකුකරණ පහසුකම් ලබා දීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන පෑන් ඒෂියා බැංකුව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා සපුරාලමින්, වර්තමාන ආර්ථික අර්බුදය තුළින් පැන නගින අභියෝග ජය ගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් සිය කාර්යමණ්ඩලය පුහුණු කිරීමට ද නිරන්තරයෙන් කටයුතු කරයි.

මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, පෑන් ඒෂියා බැංකුව විසින් සිය කාර්ය මණ්ඩලය සවි බල ගැන්වීම වෙනුවෙන්, මෙරට කීර්තිමත් පුහුණුකරුවෙකු, පර්යේෂකයෙකු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ උපදේශකවරයෙකු වන ආචාර්ය රවී බමුණුසිංහ මහතාගේ සම්පත් දායකත්වය යටතේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

මෙහිදී විශේෂයෙන් වත්මන් ආර්ථික තත්ත්වය හා අභියෝග සහ අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කුසලතා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment