ලිපි තුනෙන් ක්‍රිකට් තහනම් වූ හැටි පැහැදිලියි – සජිත් හෙළි කරයි

115

ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද (ඊයේ -19දා) මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනම් වූ ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නොවැම්බර් 6 ලිපියෙන් අන්තර්වාර කමිටුව විවේචනයට ලක් කර දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බව පවසා ඇති අතර ඇමැතිවරයාට බලපෑම් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ. දෙවැනි ලිපියේ අන්තර්වාර කමිටුව ක්‍රීඩා පනත උල්ලංඝනය කර ඇති බවත් එය ICC ව්‍යවස්ථාවට පටහැනි බවත් අන්තර්වාර කමිටුවක් පත් කළහොත් ක්‍රිකට් තහනම් කිරීමට සිදුවන බව පවසන ලෙසත් සඳහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 19 න් පහළ ලෝක කුසලානය, 2024 දී පැවැත්වෙන ICC ජාත්‍යන්තර සම්මේලනය, ඔ 20 තරගය ආදිය වෙනත් රටට පවත්වන ලෙස බලපෑම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 3 වැනි ලිපිය මගින් පාර්ලිමේන්තු විවාදය ක්‍රීඩා ඇමැතිවරයාගේ මුල පිරීමෙන් කළ බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් කර ස්වාධීනත්වයට බලපෑම් කර ඇති බවත් සඳහන් වේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවත්, එය ICC ව්‍යවස්ථාව පටහැනි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ආදායමෙන් සියයට 20ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලා සිටින බවත් සඳහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ලිපිවල අන්තර්ගත තොරතුරු සාවද්‍ය බවත් මෙහිදී කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නොවූ බවත් මෙය ගජමිතුරු ක්‍රීඩාවක් නොවන අතර ලක්ෂ 220 ක ක්‍රීඩා අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment