භාණුක ගැන ක‍්‍රීඩා ඇමැතිගෙන් ප‍්‍රකාශයක්

389


එළඹෙන ඉන්දීය ක‍්‍රිකට් සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය සඳහා භාණුක රාජපක්ෂ තෝරා නොගැනීමට හේතු ක‍්‍රිකට් තේරීම් කමිටුව තමා වෙත දැනුම්දී ඇතැයි ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂයේ මන්ත‍්‍රී සුජිත් සංජය හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඒ ගැන කළ ප‍්‍රශ්න කිරීමේදී ඇමැතිවරයා මේ බැව් පැවසීය.එම කරුණු ප‍්‍රසිද්ධියේ පැවසීම සුදුසු නැති බවත් භාණුක යනු අනාගතයක් ඇති දක්ෂ ක‍්‍රීඩකයෙක් බවත් ඉදිරියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇතැයිද ක‍්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment