පාප් වහන්සේත් සාධාරණය ඉල්ලනවා…. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණය කඩිනම් වේවි – කාදිනල්තුමා

196

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි යන මතයේ අතිඋතුම් පාප්තුමන් ද සිටින බවත් ඒ අනුව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම කඩිනමින් ඇරඹෙනු ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (19 දා) සඳහන් කළේය.

මෙම ප්‍රහාරයට යුක්තිය ඉටුනොවුණු නිසා ඡන්දදායකයන් ඉදිරි ඡන්දවලදී ඊට වගකිවයුතු හා ඊට පසුබිම හැදූ අයටත් පිළිතුරක් දෙනු ඇති බව ද කීය.

කඩවත සාන්ත ඇන්ඩෲ අචිලීන දෙව්මැදුරේ ඊයේ (19 දා) පැවති වාර්ෂික මංගල්‍ය උත්සවයේ විශේෂ දේව මෙහෙයේදී උන්වහන්සේ මේ බව කීහ.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment