මූලධර්මවාදීන්ගේ දෙසුම්වලට හසුනොවෙමු

81

අපට ආගමක් දහමක් ඇත. ඒ ආගම දහම තුළ ප්‍රධාන සාධකය වෙනත් ආගමකට – දහමකට අපහාස උපහාස පරිභව නොකිරීමයි. එලෙස කරන්නෙකුවේද ඔහු තමා අදහන පිළිපදින ආගම නොදන්නෙකුම වේ.

පෙර මෙන් නොව අද මූලධර්මවාදී ආගම් දෙසන්නෝ රට හැම තැනම සැරිසරති.

දෙසුම ලස්සනය. පැවැත්ම නිහතිමානිය. පණ පිටින් ස්වර්ගය කරා යාහැකි බවක් පෙනුමෙන් දිස් වේ. එහෙත් යටි අරමුණ තුළ ඇත්තේ කුමක්ද? වෙනත් පුද්ගලීක අරමුණුය. ඇතැම් මූලධර්මවාදීන් ආර්ථික අතින් ඉතා පොහොසත්ය. හදවත දහසක් ප්‍රශ්න හමුවේ දිවා රෑ දැවෙන මිනිසුන්ට ආර්ථික ප්‍රශ්නය ගිනි ගොඩකි. ඒ අතරට ළඟා වෙන ඇතැම් මූලධර්මවාදීන්ගේ රැවටිලි සීතල දෙසුමත් ආර්ථික පරිත්‍යාගයක් නිසා ඇතැමුන් ඊට බිලි වේ. මේ අය අතර අපේ කතෝලිකයන් විශේෂිතය. ඔවුන් හැකි ඉක්මනින් අර මූලධර්මවාදීන් හමුවේ කීකරුවේ. පසුව අලුත් ඇදහීමකට පැවැත්මකට චින්තනයකට බැඳී කල්ගෙවයි. දැවුන ආර්ථික ප්‍රශ්න නිමාවකට පත් වේ.

ළමයින්ගේ අධ්‍යාපනයට දෙන අතහිත ක්‍රමවත්ය. සුවිශාලය. මේ හදිසි ආගම් පෙරලිය ගැන මූලික විමර්ශනයක් කළ යුත්තේ අපේ කතෝලික සභාවයි. අවංකවම අපේ ප්‍රකට කතෝලික පාසලකට සාමාන්‍ය දුප්පත් දරුවෙකුට යාහැකිද? මේ පවුල් ආර්ථික අතින් නගාසිටුවීමට යම් පියවරක් ගත හැකිද? අපේ ගරු පියතුමන්ලාගේ ප්‍රායෝගික ක්‍රියාදාමය මොන තරම් සාමාන්‍ය ජනතාවට සංවේදීද?

පෙරමෙන් නොව මේ වනවිට ගරු පූජක ප්‍රභූන් වැඩි පිරිසක් බිහිවෙන්නේ “මහලොකු” පවුල්වලින් නොවේ. එහෙම නම් ඒ ගරු පියතුමන්ලාට යළි අලුතින් දුක වේදනාව ගැන කවුරු හෝ කියා දිය යුතුද? අපේ කිතුනු දහමේ අතිඋත්තරීතර දැක්ම ප්‍රේමයයි. සාමයයි. අසරණ සරණයි. සත්‍යයට සාක්‍ෂි දැරීමයි. එහෙත් අප කිසිවෙකුට ක්‍රිස්තුස් වහන්සේ විය නොහැකිය. ඒ නිසා සාමයට – දහමට ඉහඳතියන ඇතැම් මූලධර්මවාදීන්ගෙන් අපේ ජනතාව විශේෂයෙන් දිළිඳු ජනතාව රැක ගැනීමට ගිහි පැවිදි සැම සිතිය යුතු කාලය ළඟා වී ඇත. මූලධර්මවාදීන්ගේ දෙසුම් – මත – අදහස් මේ මහ පොළවේ පැළ කළ නොහැකිය. ඇත්තෙන්ම එය විකාරයකි. මේ විකාරයට දිනෙන් දින ජනතාව යොමු වේ නම් එය සමාජ අසාධාරණයකි. පරිහානියකි. මේ ගැන වගකිවයුත්තෝ අවදියෙන් සිට ක්‍රියා කළ යුතු නොවේද?

පිටිපන මා. ජයවීර

මූලධර්මවාදීන්ගේ දෙසුම්වලට හසුනොවෙමු

advertistmentadvertistment
advertistmentadvertistment