HNB මාතෘ රැකවරණය සහ ළමා පෝෂණය සහතික කිරීමට තවදුරටත් කැපවෙයි

64

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ගැබිනි මවුවරුන්ට සහාය වීම සඳහා සිය ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා දියත් කළේය.මෙම වැඩසටහන කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර සුලබව දක්නට ඇති මන්දපෝෂණ තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා වන බැංකුවේ ස්ථිර කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

පවතින අර්බුදයන් හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH‍), ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු කරමින් දිවයින පුරා පිහිටි තෝරා ගත් පාරිභෝගික ඒකක 56 කදී ගැබිණි මවුවරුන් දහසකට රු. 5000 ක වටිනාකමින් යුතු පෝෂණ මල්ලක් සෑම ප්‍රතිලාභියෙකුටම මැයි මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් ලබාදීමට බැංකුව කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment