ඩයලොග් පාරිභෝගිකයන් ‘Little Hearts වෙත රු. මි.27 කට වැඩි Star Points පරිත්‍යාගය කරයි

66

ඩයලොග් පාරිභෝගිකයින් 450,000 කට අධික ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසු, Little Hearts ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 27 කට අධික Star Points පරිත්‍යාග කර තිබේ.

2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 122 ඉක්මවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන‘Little Hearts’ ව්‍යාපෘතිය තුළින් හදවත් රෝග ඇතුළු දරුණු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ, මහල් 12 කින් සමන්විත හෘද සහ දැඩි සත්කාර ඒකකයක් සංවර්ධනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය යෙදවෙන අතර මෙම ගොඩනැගිල්ල හෘද සැත්කම් ශල්‍යාගාර 4 ක්, කැතීටකරණ විද්‍යාගාරයක්, 100 කට අධික හෘද රෝග සහ නව දරු උපත් දැඩිසත්කාර ඒකක, ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සහ නවීනතම හෘද රෝග පරීක්ෂණ හා පුහුණු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් සඳහා රු. බිලියන 4 කට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment