‘කොම්බෑන්ක් ඩිජිටල්’ ගනුදෙනුකරුවන් මිලියනයක සන්ධිස්ථානය ඉක්මවා යයි

92

ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත.

සියලුම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (IOS, Android සහ Huawei) හරහා ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලැබෙයි. ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලුම උපාංග හරහා මෙහි ප්‍රවේශය සක්‍රීය කරයි.

‘අපගේ ගනුදෙනුකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ඩිජිටල් බැංකුකරණයට කිසිදු බාධාවකින් තොරව සංක්‍රමණය වීම අපව බෙහෙවින් දිරිමත් කරනවා,’ යැයි කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා පැවසීය. ‘ඩිජිටල් බැංකුකරණය සුරක්‍ෂිත, විස්තීරණ, විශ්වාසනීය සහ භාවිතයට පහසු කිරීම සඳහා බැංකුව සැලකිය යුතු ආයෝජනයක් සිදුකර තිබෙනවා. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය පිළිබඳ හුරුපුරුදුකම තවමත් අසමාන ලෙස පවතින ශ්‍රී ලංකාව වැනි වෙළෙඳපොළක, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් තුලින් ගැනුම්කරුවන්ට ප්‍රවේශය වැඩි කිරීමට හැකිවීම සතුටට කරුණක්’ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

‘අපගේ පාරිභෝගික බැංකුකරණ, SME සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා වඩාත් බාධාවකින් තොරව සහ ඔවුන් සඳහාම සැකසූ බැංකු අත්දැකීමක් ලබා දීමේ අරමුණින්, නුදුරු අනාගතය සඳහා සැලසුම් කර ඇති යාවත්කාලීන සහ විශේෂාංග පිළිබඳ උද්යෝගිමත් මාර්ග සිතියමක් අප සතුව ඇත,’ යනුවෙන්ද ප්‍රභාගර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment