හිටපු ජනපතිගේ එතෙර වියදම් පෞද්ගලික මුදලින්

161

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය කරන්නේ නැති බවත් එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන ඇතැම් මාධ්‍ය වැරදි අයුරින් හැඟවෙන පරිදි වාර්තා කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවටත් මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවද ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව දැනුම් දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටී.

advertistmentadvertistment
advertistmentadvertistment