ඉස්ලාමීය ජිහාඩ් විරෝධතාවන්ට එරෙහිව දිල්ලියේ උද්ඝෝෂණ  

548

මහම්මත්තුමාට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ දෙදෙනකුට එරෙහිව පසු ගිය දිනවල එරට මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රාන්ත ගණනාවක දැක්වූ හිංසාකාරී විරෝධතාවන්ට විරෝධය පළ කරමින් විශ්ව හින්දු පර්ෂද් සංවිධානය හා එහි තරුණ පිරිස් නියෝජනය කරන බජ්රාන්ග් ඩාල් සංවිධානය ඊයේ (16දා) දිනයේ නවදිල්ලි නගරයේ මහෙස්ත්‍රාත් උසාවි 10ක් ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා තිබේ.

මහම්මත් තුමාට අපහාස වන අයුරින් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු විසින් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී සිදු කරන ලද ප්‍රකාශයන්ට එරෙහිව යැයි පවසමින් ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් විසින් පසුගිය දිනවල රට පුරා හිංසාකාරී විරෝධතාවන් දැක්වීමට එරෙහිව මෙම උද්ඝෝෂණයන් සංවිධානය කළ බව විශ්ව හින්දු පර්ෂද් සංවිධානය පවසයි. ඉකුත් ජුනි 10 වැනි සිකුරාදා දිනයේ ඉස්ලාමීය යාඥා මෙහෙය නිම වීමෙන් පසු ජනතාව හිංසාකාරී විරෝධතාවන් පැවැත්වීම සඳහා මෙහෙයවූ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසද උද්ඝෝෂකයන් විසින් බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලීම් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment