අවුරුදු කටේ පූර්ණ සූර්යග්‍රහණයක්

684

2024 වර්ෂය තුළ චන්ද්‍රග්‍රහණ දෙකක් ද සූර්යග්‍රහණ දෙකක් ද සිදුවීමට නියමිතය. ඉන් පළමු ඡායා චන්ද්‍රග්‍රහණය පසුගිය 25 වැනි දින සිදුවිය. පූර්ණ සූර්යග්‍රහණයක් 2024 අප්‍රේල් මස 08 වැනි දින සිදුවීමට නියමිතය.

එය එදින ප. ව. 23.48ට මීන රාශියේ රේවතී නැකතේ තෙවන පාදයේ සිදුවෙයි.මෙදින පූර්ව භාග 3.24 ට මැදින් අව අමාවක ලබයි. චන්ද්‍රග්‍රහණයක් සිදුවී දින 15ක් ගිය තැන යළි සූර්යග්‍රහණයක් ඇතිවීම සුබදායක නොවනු ඇති බව පෙනේ.

අමාවක ලබන මොහොතේ තක්කාල ලග්නය ලෙසින් කුම්භ ලග්නය උදා වෙයි. මහේන්ද්‍ර යෝගය චතුස්පාද තිරකරණය, උත්‍රපුටුප නැකත, රවි හෝරාව, සඳු පංචමය යෙදේ. සූර්යග්‍රහණය යෙදෙන්නේ එදින ම රාත්‍රි 11.48 ටය. එම මොහොත තුළ ධනු ලග්නය තක්කාල ලග්නය ලෙසට උදාවේ. ධනු ලග්නයේ තුන්වැන්නේ කුජ ශනීය. සිවුවැන්නේ රවි, සඳු, කිවි, රාහු ගමන් කරයි. පස්වැන්නේ ගුරු සහ බුධයි. කේතු දහවැන්නේ ගමන් කරයි.

ධනු ලග්නයේ සිව්වැන්න මීන රාශියයි. මීන රාශියේ, රේවතී නැකතේ තුන්වන පාදයේ මෙම ග්‍රහණය සිදුවේ. ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ දෙවැන්නේ ද ලෝකායන කේන්ද්‍රයේ දොළොස්වැන්නේ ද සිදුවන මෙම ග්‍රහණය පිළිබඳව සැලකීමේදී රට තුළ නොයෙක් බාධක ඇතිවීමට හේතුවන බව පෙනේ. පළිගැනීම්, අඥාන වැඩ ඇතිකිරීම්, ගිනි ගැනීම්, රෝග බිය, දුර්භික්ෂ බිය ඇතුළු නොයෙකුත් බාධක ප්‍රශ්න කාලගුණික වෙනස්කම් ආදිය සිදුවිය හැකිය. රටේ ආර්ථිකයට බලපෑම් ගෙනේ. කුම්භ ලග්න කේන්ද්‍රයේ දෙවැන්නේ සිදුවන නිසා මුදල් ප්‍රශ්න කර්මාන්ත ශාලාවල බාධක, වෙළහෙළදාම් ආදියට බලපායි. ලෝකායන කේන්ද්‍රයේ දෙළොස් වැන්නේ මෙය සිදුවීම තුළ ආරෝග්‍ය ශාලා ප්‍රශ්න, බන්ධනාගාර, අපරාධ රහස් සතුරු බලපෑම් ආදියට ඇති ඉඩ වැඩිවේ.

මේ අනුව කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්ත ආදියට ද බලපෑම් ඇතිවීමට ඇති ඉඩ වැඩිය. අමාවක සඳු පීඩාවීම, මහජන සිත් තුළ නොයෙක් අයුරින් කැළඹීම් ඇතිවීමට පුළුවන.

මෙම සියල්ල සිදුවී දින 5කට පසුව ඇලුත් අවුරුද්ද උදාවෙයි. අවුරුද්ද උදාවනුයේ අප්‍රේල් 13 වැනි දින රාත්‍රී 09.05ට ය. මෙවර අවුරුදු උදාවනුයේ වෘශ්චික ලග්නය උදාවී පුර සඳු අටවැන්නේ ගමන් ගන්නා මොහොතේදීය. ලෝකායන කේන්ද්‍රයේ වෘශ්චික ලග්නය අටවැන්නයි. අදෘශ්‍යමාන ලග්නයක් වන වෘශ්චිකය කුජගේ රාශියකි. ඒ නිසා මෙවර සියලුම ජනතාව ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. මෙය මැතිවරණ වසරක් නිසා කරුණාව දයාව ඇතිව ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සියලු බාධක දුරුකර ගැනීමට ද හැකිවනු ඇත. දාන සීල, භාවනා ආදිය කිරීම මෙයට හොඳම දෙයකි. නිවෙස් තුළ සූර්යග්‍රහණයට අදාළව සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත කියන්න. එවිට අපල දුරුවේ.

අවුරුදු කටේ පූර්ණ සූර්යග්‍රහණයක්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කිවිපති කලාභූෂණ
විමලසේන කුමාර
071 814 2353

advertistmentadvertistment
advertistmentadvertistment