විශාකාපට්නම් හි බුදුදහම වෙනුවෙන් හඬනගන මහාචාර්යවරිය

235

2012 දී, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් කොළඹ ආණ්ඩුව නොසතුටට පත් කර තිබිණි. පසුව එවක ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව, කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේ ලක් දූපත වෙත යැවීමෙන් ඉන්දියාව මානව හිමිකම් සමුළුවේදී මෙරට සමග ඇති වූ නෝක්කාඩුව මගහරවා ගත්තේය. එවකට ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ව සිටි රවීන්දර් සිං පැවසුවේ “පසුගිය වසරේදී ජනපති රාජපක්ෂ සමග පැවති මාර්ගගත සමුළුවකදී අගමැති මෝදි පොරොන්දු වූයේ ධාතූන් වහන්සේලා නැවත ලංකාවට එවන බවයි.” සතියකින් ශ්‍රී ලංකාවෙන් අඩක් මේ ධාතු වන්දනාව සඳහා පැමිණෙනු ඇති බවත් රවීන්දර් සිං වැඩිදුරටත් සඳහන් කර තිබිණි. “ඉන්දියාව දක්ෂ ලෙස කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හොඳම මිතුරන් විය හැකිය” යනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ නියෝජිතයෙකු වූ දමෙන්ද්‍ර පොරගේ සඳහන් කර තිබිණි. එය මිත්‍රත්වයක් පමණක් නොවේ, අපි ලේ සබඳතාවක් බෙදා ගන්නෙමු. බුද්ධාගම යනු පාලමයි. ශතවර්ෂ 25 ක් පුරාවට ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වූ බව පොරගේ සඳහන් කර තිබිණි.

“බුද්ධාගම ඉන්දියානු නිෂ්පාදනයක්,” ප්‍රකට රාජතාන්ත්‍රික පී. ස්තොබ්දාන් පවසයි. නමුත් එය ඉන්දියාවේ නොපවතියි, එයින් අදහස් කරන්නේ ඉන්දියාවට බුද්ධාගම අයිති නැති බව නොවේ. ඔබට බුදුදහම අයිති නැතිනම් වෙනත් අයෙකු එයට හිමිකම් කියයි. මෙම අවස්ථාවේ දී, චීනය වැඩි වැඩියෙන් බුදුදහම උකහා ගැනීමට උත්සාහ කරයි යනුවෙන් ද ස්තොබ්දාන් සඳහන් කර තිබුණේ Modi has been working to turn India’s Buddhist heritage into strategic asset මැයෙන් මන්දිරා නායර් විසින් ලියූ ලිපියකය.

ඉන්දියාව සිය බලය ආසියාව පුරා පැතිරවීම සඳහා බුදුදහම උපයෝගී කරගන්නා ආකාරය ගැන මන්දිරා සිය ලිපියෙන් පෙන්වා දී තිබිණි. කවරක් නමුත් අද අප කතා කරන්නේ ඉන්දියාවේ අන්ද්‍රා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමාලි තක්ෂිලා විතානගේ සිදු කරන වඩා සුවිශේෂී මෙහෙවරක් පිළිබඳව ය. එනම් එම ප්‍රාන්තයේ වැළලී ගිය බෞද්ධ උරුමය නඟා සිටුවීම සඳහා සිදු කරන මහඟු මෙහෙයයි. මේ පිළිබඳව ඉන්දියාවේ රින්ග්සයිඩ් පුවත්පතට “විශාකාපට්නම් හි බුද්ධාගම නැවත නගා සිටුවීම : නිමාලි තක්ෂිලා ගේ ආශ්වාදජනක ගමන මැයෙන් ලිපියක් ලියමින් ආචාර්ය චල්ලා ක්‍රිෂ්නවීර් අභිෂේක් විසින් මහත් සේ අගය කර තිබිණි. අන්ද්‍රා විශ්වවිද්‍යාලයේ යෝග පිළිබඳව මහාචාර්යවරිය වන නිමාලි මෙරට උගතුන්ට ආදර්ශයකි. සමහරු රට මෙන්ම දේශීය වටිනාකම් ද විදෙස් රටවලට ඩොලර් වෙනුවෙන් විවේචනය කරන සමයක ඇය අපේ බෞද්ධ උරුමය නඟා සිටුවීම වෙනුවෙන් බ්‍රාහ්මණ ඉන්දියාවේ සුවිශේෂී මෙහෙයක් සිදුකරන අතර එය එරට බුද්ධිමතුන්ගේ නොමද ආශිර්වාදයට හේතුවී තිබේ. මෙය බලවත් අභියෝග රැසකට මුහුණදෙමින් සිදු කරන කටයුත්තකි. මහාචාර්ය නිමාලි පසුගිය වසරේ දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති පාඨමාලාවක් අන්ද්‍රා විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළාය. මෙය සිදු කෙරෙන්නේ පාලි භාෂාවෙනි. විශාකාපට්නම් හි බුද්ධාගම පුනර්ජීවනය කිරීම වෙනුවෙන් මහාචාර්ය නිමාලි තක්ෂිලා විතානගේ විසින් පෙන්නුම් කරන කැපවීම හා ඇගේ දැක්ම ආචාර්ය චල්ලා ක්‍රිෂ්නවීර් අභිෂේක්ගේ සිය ලිපියේ මෙලෙස දක්වා තිබේ. ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ නිහඬ විප්ලවයක් සිදුවෙමින් පවතී. කලාපයේ අමතක වූ බෞද්ධ උරුමය සමග නැවත සම්බන්ධ වීමට අවශ්‍ය මූලික කටයුතු මේ මහාචාර්යවරිය ආරම්භ කළාය. එය නව හුස්ම ගැනීමේ මෙහෙයුමකි. බුද්ධාගම පුනර්ජීවනය කරන්න ඇගේ දැක්ම, වෙහෙස නොබලා කටයුතු කිරීම අපට දිගටම ආශ්වාදයක් ලබා දෙයි. කෙනෙකුගේ සංස්කෘතික උරුමය ආරක්ෂාවට විතානගේ මහත්මිය කැපව සිටී.

අපි මහාචාර්ය නිමාලිට සුභපතමු.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment