අත්අඩංගුවට ගැනීම් නවතා ‘අරගලයේ’ හඬට සවන් දෙන්න – ප්‍රජාතාන්ත්‍රික අරගල සඳහා ස්ත්‍රීන්

145

නීතියේ ආධිපත්‍යය හා නීතිය ඉදිරියේ සමානාත්මතාව ආරක්‍ෂා කරන ලෙසත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට හා එහිලා තරුණ සහභාගිත්වය වැඩි වශයෙන් ලබාගැනීමට මහජන සභාවක් ක්‍රියාත්මක කිරීම හරහා වූ අරගලයේ ඉල්ලීමට අවනත වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ‘ප්‍රජාතාන්ත්‍රික අරගල සඳහා ස්ත්‍රීන්’ සංවිධානය ඊයේ නිවේදනය කළේය.

 විරෝධතාකරුවන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ද ස්ත්‍රීහු රජයෙන් ඉල්ලා සිටිති. ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් මගින් ඔවුන් ඊයේ සඳහන් කළේ විරෝධතාකරුවන් මත්ලෝලීන්, ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ආදී ලේබල් ගසා මර්දනය කිරීම ද නතර කරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment