යකඩ යකා රිවස් එකට

215

රටපුරා ක‍්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයේ සිට ධාවනය අත්හිටවූ දුම්රිය අද (21 දා) සිට යළි ධාවනය කිරීමට සැලසුම් කර තිබුණ ද හෙට (22 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඞ් පාලන රැස්වීමේදී ඒ සම්බන්ධව තීරණයක් ගන්නා තෙක් දුම්රිය ධාවනය අත්හිටවූ බව ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

දැනට ක‍්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ද මෙම මස 31 වැනිදා තෙක් දීර්ඝ කිරීමත්, තවම කොවිඞ් ආසාදිතයන් හමුවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීමක් දක්නට නොලැබීම ද සැලකිල්ලට ගෙන ජනතාව පොදු ප‍්‍රවාහන සේවා භාවිතය තවදුරටත් සීමා කළ යුතු බවට වෛiවරුන් උපදෙස් දීමත් කෙරෙහි අවධානය යොමුකර මෙසේ දුම්රිය ධාවනය අත්හිටවූ බව ද පැවසූ ඇමැතිවරිය දුම්රිය ධාවනය ආරම්භ වූ විට විශාල පිරිසක් ගමන් කරන නිසා නැවත කොවිඞ් ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් මතුවිය හැකි යැයි ද කීවාය.

ඒ අනුව හෙට පැවැත්වෙන කොවිඞ් පාලන රැුස්වීමෙන් පසු දුම්රිය යළි ධාවනය කරන ආකාරය සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරනු ඇතැයි ද පැවසුවාය.

අද දිනයේ දුම්රිය ධාවනයට අවසර ලැබුණා නම් දුම්රිය 138 ක් රට පුරා සහ පළාත් අතර ධාවනයට යෙදවීමට අවශ්‍ය ධාවන කාලසටහන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් සකස් කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

උපාලි ද සේරම්, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment