වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම 30.7%කින් ඉහළට

99

මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 30.7කින් සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 10,257ක් වූ ආනයන වියදම මේ වසරේ (2021) පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 13411ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එසේම අපනයන ආදායම වර්ධනය වූ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යෑම නිසා මේ වසරේ (2021) පළමු මාස අටේ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5509 දක්වා ද ඉහළ ගොස් තිබේ. ගිය වසරේ (2020) පළමු මාස අටේදී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 3812ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment